Header Ads

නින්දේදී ඔබට සිදුවිය හැකි ගුප්ත සිදුවීම් එකොළහක්

පහලින් අපව subscriber කරන්න යාලුවනේ

අප රාත්‍රියේ නින්දට යන්නේ මනස සාමකාමී කර ගැනීමටත්, නැවත ශරීරයට ශක්තිය හා ප්‍රාණවත් බවක් ලබා ගැනීමටත්ය. නමුත් නින්දේදි යම් යම් අසතුටුදායක හා අභිරහස් සිදුවීම් වලට මුහුණ නොදුන් අයෙකු නැති තරම්. අද මෙම ලිපියෙන් කතා කරන්න යන්නේ අපට නින්දේදි සිදුවන ඉතා භයානක හා අද්භූතජනක ගුප්ත සිදුවීම් එකොළහක් සහ ඒවා සිදුවන විට අපට හැගෙන, දැනෙන දේවල් මෙන්ම ඒවා සිදුවීමට බලපාන හේතුන් පිළිබදවයි.
නින්දේදී ඇතිවන පක්ෂඝාතය
හදිස්සියේම නින්දෙන් අවදිවන විටදි ඔබට සෙලවීමටවත් නොහැකිවීම මෙම තත්වයයි. එසේම විවිධාකාර මනෝරෑප මැවී පෙනීම හා තවත් කවුරුන් හෝ කාමරය තුළ සිටිනවා යන්න හැඟීමත් මෙම තත්වය ඇතිවන අතරතුරදි සිදුවන්නක්.
අප නිදා ගන්නා විට සාමන්‍යයෙන් අපේ ශරීරාංග අඩපණ කරනු ලබනවා .එමගින් අපව නින්දෙන් ඇවිදීම වැනි භයානක තත්වයන්ගෙන් මුදවනවා. නමුත් අපගේ මොළය අවදියෙනුයි පවතින්නේ. නින්දේදි පක්ෂ ඝාතය ඇතිවන විට සිදුවන්නේ අපගේ මාංශපේෂින් අඩපණ වී ඇති විටදී මොළය ක්‍රියාත්මක වීමයි. සාමන්‍යයෙන් ජනගහනයෙන් 7%කට පමන එකවරක් හෝ මේ තත්වයට මුහුණ දීමට සිදුවී ඇති බවයි පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙන්නේ. එසේම උඩු අතට නිදා ගන්නා විට මේ තත්වය වැඩිපුර ඇතිවීමට ඉඩ පවතිනවා.
නිද්‍රෝපායී මනෝභ්‍රාන්ත මැවීම
පුද්ගලයෙකු නින්දට යාමට ආසන්න වන විටදී නමුත් නින්ද නොයා අවදියෙන් සිටින අවස්ථාවේදි මෙම තත්වය ඇතිවෙනවා. තමාගේ දෑස් ඉදිරිපිට විකාර රූපී හෝ බියජනක ආකාරයේ මුහුණු මැවී පෙනීම මේ මඟින් සිදු වෙනවා.
මෙම මනෝභ්‍රාන්ත මානසික වශයෙන් සුවපත් පුද්ගලයෙකුට ඇතිවන ආකාර කිහිපයක් පවතිනවා. එසේම කුඩා දරුවන්ට මෙම තත්වය ඇති වීමට ඇති ඉඩකඩ වැඩි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. එසේම තමන්ට නින්දට නොයෑමට අවශ්‍යයතාවක් නැතිවීම නිසාත් මෙය සිදුවෙනවා .ඒ අතරම සමහර මනෝභ්‍රාන්ත සතුටුදායක සිදුවීම් අරඹයාත් සමහර ඒවා ඔබට ඇති ආතතිය නිසාත් ඇතිවෙනවා. මත්ද්‍රව්‍යය භාවිත කර නින්දට යාමේදිද නිද්‍රෝපායි මනෝභ්‍රාන්ත ඇති වීමට ඉඩකඩ වැඩි වෙනවා.
නින්දෙන් කියවීම
සාමන්‍යයෙන් නින්දෙන් දොඩවන (කියවන ) පුද්ගලයන්ට ඒ ගැන කිසිදු මතකයක් හෝ අවබෝධයක් නෑ. මෙය කිසිසේත්ම භයානක හෝ අවදානම් සහිත මානසික ගැටළුවක් නොවේ. සමහරවිට ඔහු හෝ ඇය සිතින් වදවෙන රහසක් පිළිබඳව නින්දේදිද මනස අවදිවීම නිසා එය ප්‍රකාශ වීමට ඉඩ තිබෙනවා.
කුඩා දරුවන් හා පිරිමි පාර්ශවය මේ තත්වයට වැඩිපුර ගොදුරු වීමට ඉඩ තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් මානසික ආතතිය නිසා ඇතිවන තත්වයක් .සැබෑ ජිවිතයේදි ඇය හෝ ඔහු එකඟ නොවන යම් කරුනක් නින්දේදී ඇගේ හෝ ඔහුගේ  මතයට එකඟ කර ගැනීමට මේ තුලින් බොහෝවිට උත්සහ කරනවා
සිහිනයක් තුළ සිහිනයක් දැකීම
පුද්ගලයෙකු යම් නිද්‍රාවේදි යම් සිහිනයක් දකිමින් සිට එකවරම අවදි වුවත් යම් යම් අද්භුත හා තේරුම් ගත නොහැකි දේවල් තවදුරටත් ඔහු වටා සිදුවන බව හැඟිම මේ නිසා ඇතිවේ. මෙය චිත්‍රපට තුලත් විස්තර කීරීමට යොදා ගන්නා සංකල්පයක්. Inception නැමැති චිත්‍රපටය තුලින් මෙය විස්තර කීරිමකට ලක්වන අතර එය නැරඹු බොහෝ පුද්ගලයන් ප්‍රකාශ කර සිටියේ තමන්ටද එම අත්දැකීම ලැබි ඇති බවයි.
බොහෝ ගුප්ත විද්‍යාව පිළිබදව මත දරන්නන්ගේ අදහස නම් මෙසේ සිහිනයක් තුළ සිහිනයක් දැකීම යනු ඔබගේ පෙර භවයක ආත්මය හා සම්බන්ධ යම් සිදුවීමක් විය හැකි බවයි. නමුත් මෙයට විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කිරීමට කිසිවෙකු සමත් වී නැත.
නින්දෙන් ඇවිදීම
මෙය නින්දේදී ඇතිවන පක්ෂඝාතයේ ප්‍රතිවිරුද්ධ සිදුවීමයි .එහිදි සිදුවන්නේ ඔබගේ මාංශ පේශීන් නිද්‍රාවට ලක්වී මොළය අවදිවීම වුවත් නින්දෙන් ඇවිදීමේදි සිදුවන්නේ ඔබගේ මොළය (මනස) නිද්‍රාවට පත්වී ශරීර අවයව ක්‍රියාත්මක වීමයි . මෙම පුද්ගලයන් හට නින්දේදි ඇවිදීමට, පිරිසිදු කිරීමට මෙන්ම නිවස හැර යාමට වුවද හැකියාවක් ඇත. මෙහි ඇති භයානකම තත්වය නම් උදෑසන අවදිවන විටදි ඔවුන්ට ඒ කිසිවක් මතකයට නොනැගීමයි.
මේ තත්වයට ජනගහනයෙන් 4.6%-10.3% ත් අතර පිරිසක් මුහුණපාන අතර කුඩා දරුවන් වැඩි වශයෙන් මෙයට ගොදුරු වේ. නමුත් මේ සදහාද තවමත් ස්ථිර හේතුවක් සොයාගෙන නොමැති අතර යම් යම් ප්‍රතිකාර මගින් මෙය අවම කර ගැනීමට හැක.
හිස තුළ යමක් පුපුරායනවා සේ දැනීම
නින්දේ සිටින පුද්ගලයෙකු එක්වරම විශාල පිපිරුම් හඬක් හෝ අත්පොලසන් හඬක් ඇසි තිගැස්සි අවදි වීම මේ නිසා සිදුවේ. මෙය එතරම් භයානක තත්වයක් නොවන නමුත් එකවර ඇතිවන අධික බිය හෝ තිගැස්සීම නිසා ආඝාතය ඇතිවීමට ඉඩ තිබේ.
මොළය අවට ස්නායු ක්‍රියාත්මක වීම නිසා මෙවැනි ශබ්දයක් තමන්ට තමන්ගේ හිස තුළින්ම ඇති වීමට ඉඩ තිබේ. එසේම අනිද්‍රාව සහ නින්ද පමා විම යන ලක්ෂණ හේතුවෙන්ද මෙය ඇතිවීමට ඉඩ තිබේ
නිද්‍රා ඇප්නියාව (apnea)
මෙහිදි සිදු වන්නේ සිහිනයෙන් එකවර හුස්ම ගැනිම නැවතීමයි. මේ හේතුවෙන් පුද්ගලයා එකවර අවදි වීමකට ලක් වෙනවා. එසේම මේ නිසා තදින් නිදාගැනීමට බාදා ඇති වෙනවා. මෙමගින් මොළයට ඔක්සිජන් සැපයුම ඉතා අඩු බවක් දැනීමට ආරම්භ  වෙනවා. එමගින් නින්දට බාදා ඇතිවෙනවා. එසේම ධමනි වල පීඩනය වැඩි වී හෘදය ආශ්‍රිත රොග ඇතිවීමටද මෙය හේතුවක් වෙනවා.
නින්දේදි ග්‍රසනිකාව ආශ්‍රිත මාංෂපේෂින් සැහැල්ලු වෙනවා .එමඟින් සමහර අවස්ථා වලදි වාතය ශරීරයට ඇතුළුවන මාර්ග අවහිර වෙනවා. දුම්පානය සහ වයස්ගත වීම නිසා මේ තත්වය වැඩි වීමට ඉඩ තිබෙනවා. මේ තත්වය තරමක් වලක්වා ගැනීමට වායු මගින් වාදනය වන උපකරණ වාදනය කිරීමෙන් හැකිවේ.
නැවත නැවත සිහින දැකීම
මෙය බොහෝ දෙනෙක්ට ඇතිවන තත්වයක්. එකම සිහිනය කිහිප වරක් දැකීම මෙමගින් සිදුවෙනවා.
මනෝවෛද්‍යවරුන් පවසන්නේ අපගේ මනස, අපගේ සිහින තුලදි වැඩිපුර අවධානය යොමු කරන්නේ සැබෑ ජිවිතයේදි අප අවධානය අඩුවෙන් යොමු කරන දේවල් පිළිබඳව වන බවයි. එවිට අප එම තත්වය වෙත අවධානය යොමු කර එය විසඳා ගන්නා තුරුම එය සිහිනයක් මඟින් පෙන්වීමට අපගේ මනස ක්‍රියාත්මක වෙනවා.
නින්දේදී ඇඳ මතට වැටෙනවා සේ හැඟීම
සමහරවිට අපට හැගෙනවා නින්දේදි එකවර උස් ස්ථානයක සිට ඇඳ මතට ඇද වැටෙන ලෙසින්. මේ නිසා එකවරම අප තිගැස්සි නින්ද අතරමැදදී අවදි වෙනවා. සමහරවිට මෙසේ හැඟීමට පෙර අප සිහිනයෙන් දකිනවා අප පියාඹන දසුනක් හෝ පාවෙන දසුනක්. ඒ අතර අප ඇදගෙන ඇඳ මතට වැටෙන ලෙස දැනෙනවා
නින්ද යනු අප අර්ධ වශයෙන් මිය යාමක්. එහිදි හෘදයේ ක්‍රියාකාරිත්වය හා රුධිර සංසරණය පහතට වැටෙනවා. එසේම මාංශ පේශීන් පවා සැහැල්ලු වෙනවා. මේ නිසා මොළයට ක්ෂණික හැගීමක් ඇති වෙනවා මරණය පිළිබදව. පුද්ගලයා ජිවත්ව සිටින බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මනස මගින් එකවර  මාංශපේෂින්  වෙත හදිසි ආවේගයක් යවා පරික්ෂා කර බලනවා. එම නිසා නින්දේදි මෙලෙස හැගෙනවා.
ශරීරයෙන් පිටත සිටිනවා සේ හැඟීම
මෙය ඇතිවන්නේ පුද්ගලයකු අඩක් නින්දේත් ඉතිරි අඩ අවදියෙනුත් සිටින අතරමැදි අවස්ථාවේදීය. එමගින් තමන්ගේ ශරීරයම තමන්ට ශරීරයෙන් බැහරක සිට බලා ගැනීමට හැකිවෙනවා. මිත්‍යා විශ්වාස හා ගුප්ත විද්‍යාඥයන්ට අනුව මෙය ආත්මය පිළිබදව ලබන අත්දැකීමක් බවයි සදහන් කරන්නේ.
විද්‍යාව මගින් මෙය පැහැදිලි කිරීමට සමත් වී නැහැ .එසේම ආත්මය පිළිබදව හා ගනුදෙනු කිරීමක් තහවුරු කිරීමටද විද්‍යාව මගින් සමත් වන්නේ නැහැ .එය තවමත් නොවිසදුනු කරුනක් ලෙස පවතිනවා
නින්ද අතරතුරදී ඇතිවන හදිසි ආලෝකයන් (සම්බෝධින්)
සමහරවිට අපට එදිනෙදා ජිවිතයේදි ඇතිවන යම් යම් ගැටළු සඳහා අපට නිසි විසඳුමක් සොයාගැනීමට නොහැකි වෙනවා. එවිට අපි ඒ පිළිබදව සිතමින් නින්දට යනවා. නින්දේදි සිහින මගින් අපට එම ගැටළුව විසදා ගැනීමට යම් යම් ඉඟි ලබා දෙනවා.
දිමිත්‍රි මෙන්ඩලීෆ් ආවර්තිතා වගුව සැකසීමේදීද, ඕගස්ට් කැකුලේ විසින් බෙන්සීන් පිළිබඳ සුත්‍රය සොයා ගැනීමේදිද මෙලෙස නින්දේදි ලැබුන ඉඟි යොදාගත් බව සඳහන් වෙනවා.
සමහර අවස්ථාවන් වලදී අපගේ උපවිඥානය ගැටළුවට අදාල පිළිතුර දන්නවා වුවත් සවිඥානය එය වටහාගන්නේ නෑ. නින්දේදි සවිඥානයට වඩා උපවිඥානය වඩා ක්‍රියාශීලි වී අදාළ ගැටළුවට පිළිතුරු සවිඥානය වෙත ළඟා කරදීමට කටයුතු කරනවා. නින්ද මඟින් මෙවැනි අමතර වාසින්ද ලබා ගැනීමට හැකි වෙනවා.

No comments