Header Ads

ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුව කරන දිව්‍යමය ඖෂධ වට්ටෝරුවක්

කලට වේලාවට ආහාර ගතයුතු අතර ආහාර වේල් කිසිවක්‌ අතපසු නොකළ යුතුය. නිතර නිතර (ඇඹුල් රස) නොවන ජලය සහ ස්‌වාභාවික පානයන් ගැනීම යෝග්‍ය වේ. තැඹිලි හා වෙනත් ශරීරය සිසිල් කරන පලතුරුවලින් සාදා ගන්නා ස්‌වාභාවික බීම වර්ග ද යෝග්‍ය වේ.
අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක්‌ වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්‌තියක්‌ බලයක්‌ ලබා නොදෙන කෘත්‍රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටිස්‌a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්‌නට ලැබේ.
බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්‍රධාහයන්. ආමාශයේ ග්‍රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්‍රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය හඳුනා ගනිමු.
ආමාශයේ, ග්‍රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්‌කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්‍යතාව ඇතිවීම රෝග ලක්‍ෂණ සමහරකි.
මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්‍ෂණවලින් සමහරක්‌ හෝ කිහිපයක්‌ ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්‌වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්‌ථාවල ශල්‍යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.
මේ සදහා ඉතාමත්ම ගුණදෙන ඒ වගේම ඔබට පහසුවෙන්ම සාදාගත හැකි ඖෂදයක් තමයි දියබත. දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්. තදින්ම ගැස්ට‍්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම සුවවෙනවා. අත්දුටුවයි. සත්තයි

දියබතේ ගුණ

කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි,ගැස්ට‍්‍රයිටීස් නම් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි,ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට,මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෙ◌වන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි,බඬේ තුවාල ඇති අයට ඉතා ප‍්‍රත්‍යක්ෂ ඔසුවකි.

දියබතට අවශ්‍ය වට්ටෝරුව

රාත‍්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් (කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණ

සකස් කරන අන්දම

පෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.
ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න. ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව ඔන්න දැන් වැඬේ ඉවරයි උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාහසුයි, වියදම අඩුයි නේද ? ඔබට ගැස්ට‍්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන් එහෙ නම් කාල බලලා රසගුණ අගුණ කියන්න

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පෙළෙන තැනැත්තකු අනුගමනය කළයුතු කරුණු කිහිපයක්

අධික මානසික පීඩනය ගෙන දෙන කරුණුවලින් ඈත්වීම ඉතාමත් යෝග්‍ය වේ.
ඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.
මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.
අධික මිරිස්‌, තුනපහ, ගම්මිරිස්‌, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.
නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.
ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය
එකවර වැඩි ආහාර ප්‍රමාණයක්‌ අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්‍රමාණය කොටස්‌ කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස්‌ ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්‍රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්‌වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්‍රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස්‌ කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.
කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි.
ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක්‌ සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක්‌ සිදුවන්නේ නැත.

No comments