Header Ads

බණ්ඩක්කා වලින් සිනි පාලනය කරන්න පුළුවන් - දියවැඩියාව තියෙන අයට විශ්මිත බෙහෙතක්

අද ඔයාලට කියල දෙන්නේ අද වනවිට සමාජයේ බොහෝ දෙනෙක් පිඩා විදින දියවැඩියාව පාලනය කරන විශ්මිත බෙහෙතක් හදා ගන්න හැටි. ඇත්තටම මේ සදහා අපි යොදා ගන්නේ ඔබ කව්රුත් හොදින් හදුනන එළවළුවක්. ගුණ බොහොමයක් ඇති බණ්ඩක්කා වලින් සිනි පාලනය කරන්න පුළුවන් බව හුගක් අය දන්නේ නෑ.

මේ පිලිබදව මියන් යොදා කල පර්යේෂණයක් ගැන දක්වන Journal of Pharmacy and Bioallied Sciences  පවසන්නේ දියවැඩියාවෙන් පෙළුණු මියන්ට දුන් බණ්ඩක්කා දැමු වතුර උන්ගේ රුධිර සිනි මට්ටම පහත හෙලූ බවයි. පොත්ත සහ ඇට රුධිර ග්ලූකෝස් සහ Lipid profile අඩු කරන බව මෙයින් සොයාගෙන තිබේ. මිනිසුන්ගේ දියවැඩියාව වර්ග 2 තත්වය පාලනය කිරීමට බණ්ඩක්කා වතුර උදවු දෙන බව එය භාවිතා කල අය පෙන්නවා දෙයි. දියවැඩියා 2 වන වර්ගය නම් ඉන්සියුලින් නිපදවුවත් ඔවුන්ගේ ෙසෙල ඒවා නිසි ලෙස පාවිච්චි නොකරන තත්වයයි.

බණ්ඩක්කා වතුර පානය කිරීමෙන් සිනි මට්ටම පාලනය කල හැකි වුවත් අමතක කරන්න එපා හොදට ව්‍යායාම කිරීම, සමබර ආහාර වේලක් ගැනීම ආදිය දේ. දියවැඩියා 2 වන වර්ගය සදහා පාවිචිචි කරන ඵැඒදෙරපසබ නම් බෙහෙත ඔබ භාවිතා කරන්නේ නම් බණ්ඩක්කාවතුර සමග හොදින් ක‍්‍රියා නොකරයි. මේ නිසා සිනි මට්ටම වැඩිවිය හැකියි. ඉතින් ඔබත් විශේෂිත බෙහෙත් වට්ටෝරුවක් ලබා ගන්න කෙනෙක් නම් මුලින්ම ඔබේ වෛද්‍යවරයා සමහ කතා කරන්න.

බණ්ඩක්ක වතුර හදන්නේ කොහොමද කියලා දැන් බලමුකෝ

1. මුලින්ම බණ්ඩක්කා කරල් 4-5ක් අරන් හොදින් සෝදා ගන්න.

2. බණ්ඩක්කා කරල් වල දෙපැත්ත කපා දමා  කරල් දෙකට පලා ගන්න.

3. දැන් කපා ගත් බණ්ඩක්කා කැබලි වීදුරුවකට දමා එයට ෆිල්ටර් කර ගත් වතුර එකතු කරන්න.

4. මේ විදියට අවම වශයෙන් පැය 8ක් තබන්න  ඕනේ. පැය 24කට වඩා නම් තියන්න එපා.

5. උදැසන කාලයේ මෙම බණ්ඩක්කා කැබලි මිරිකා ඉස්ම ලබා ගන්න. එම ඉස්ම වලට වීදුරුවේ ඇති වතුරද එක්කර ගන්න.

6. උදැසන හිස්බඩ පානය කිරීම ඉතාම සුදුසුයි.

No comments