Header Ads

සිරියාවක් ඉතුරුවක් නැති ගෙදරට මෙන්න පුංචි ගුරුකමක්


ගෙයක් කියන්නේ අපේ මුළු ජීවිතයේම තිඛෙන වැදගත්ම නවාතැන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. උදේ ඉඳන් හවස් වෙනකම්ම පුදුම විදියට මහන්සි වෙලා ගෙදරට එන්නෙ ගෙයි ‍දොරකඩ ඒ සියලූ‍ දුක් වේදනාවන් අතහැරලා දාලයි. ගෙදරට ගොඩවෙනකොටම ‘ඇති යාංතං නිවන් ගියා වගේ’ කියලා කියන්නේ ‘මගේ නිවන මගේ පැල්පතයි’ කියන කතාවට උත්තරයක් හැටියට.
මෙහෙම ගෙට ගොඩවෙන කොටම ගේ ඇතුළෙන් ඇහෙන්නෙ අනේ සද්දෙ නම්, නැති බනේම නම්, දුක් කන්දරාවක් නම් අපේ හිතේ නැතිවෙලා ගිය මහා මෙරක් තරම් වන බර ආයෙත් පැටවෙන්නෙ අපේ ඉස මතටමනේ. ඒවගෙ වෙලාවට හිතන්නෙ අනේ අපට කවුරුහරි මොනවාහරි කරල ඇති කියලයි. සමහරවිට ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් එහෙම දේකට කලින් නිකම් හරි හිතුවද අනේ අපට ඇස්වහ කටවහක්වත් වැදිලද කියලා.
සමහර වෙලාවල්වලට හූනියමකටත් වඩා ඇස් වහ කටවහ බරපතළ වෙනව. ඒ නිසා ගෙදරක ඉතුරුවක් නැති වුණු පම‚න්ම සිරියාවක් නැතිවෙච්ච ගමන්ම ලෙඩ දුක් වැඩිවෙන කොටම ඒක හූනියමක් කියල හිතල දාස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරන්න එපා. මුලින්ම ඇස්වහ කටවහ ටිකක් පුච්ච ගන්න. ඒකටත් දැන් කාලේ ගුරුන්නාන්සේ කෙනෙක් ළඟට ගියොත් බර ගණන්නේ ගන්නේ. මේ මෑතකදි ඇස්වහ කටවහ කපන්න එක ගුරුන්නාන්සේ කෙනෙක් පනස්දහසක් ගත්තයි කියලා මමත් දැක්කෙ පත්තරෙන්මයි. ඒක නිසා අහිංසක ඔයාලට යහපතක්ම වෙන්න කියල හිතාගෙන ඕනෑම ඇස් වහක් කටවහක් පුච්චලම දාන්න පුළුවන් ඉතාම රහසිගත ක්‍රමයක් අද මම කියල දෙනවා. මේක ඔයාල ඕනෑම කෙනකුට කරගන්න පුළුවන් ගෙදර අම්මටත් පුළුවන්. දුව පුතාටත් පුළුවන්. මේ ක්‍රමය මීට කලින් කිසිම තැනක පළවෙලා නෑ.
එක එක අය ළඟට ගිහිල්ලා සල්ලි නාස්ති කරලා තවත් කබලෙන් ළිපට වැටෙන්නේ නැතිව මෙන්න මේ ක්‍රමයට ඇස්වහ කටවහ ටිකක් පුච්චල දාන්න. මේක සතියකට හෝ මාසකට එක වතාවක් පුරුද්දක් හැටියට කරන්න. එතකොට සල්ලිත් ඉතුරුයි වැඩෙත් නිකම්ම කෙරිලා. එහෙනම් බලාගන්නකෝ මේකෙ ක්‍රමය
මේක කරන්න ඕනෑ සෙනසුරාදා රෑ 7.30ට පස්සෙයි. ගොඩක් රෑ වෙනකම්ම ඉන්න එපා. තැඹිලි ගෙඩියක් කඩල තියා ගන්න. ඒක මුලින්ම කරන්න. මීට අවශ්‍ය බේත් ටිකක් කලින්ම ගෙනත් තියාගන්න. මෙන්න මේ ටික තමයි අවශ්‍ය බේත් ටික. දෙහි කොළ 7ක අත්තක්, අබ, ගොරක, කහ, ලූ‍ණු, කපු ඇට, ගම්මිරිස්, අඟරු කැටයක්, වී ටිකක්. මේ බේත්ටික හොයාගෙන දැන් වැඩේ පටන් ගන්න. හැබැයි කතා කරන්නෙ නැතුවයි මේ වැඩේ කරන්න ඕනැ. මුලින්ම 7.30ට පසුවුණාම තැඹිලි ගෙඩියේ ඇස්ස කපා ගන්න. ඒකට අර මුලින් කියපු දෙහි අත්ත හැර අනෙක් බේත් බඩුටික ඔක්කොම දාලා ගේ ඇතුළෙන් තියල තියන්න. මුලින් කපපු ඇස්සෙන් තැඹිලි ගෙඩිය වහන්න. දැන් පසුවෙනිදා, ඉරිදානේ. දෙහි අත්ත අරගෙන මෙන්න මේ පුංචි මන්ත්‍රයෙන් 108 වාරයක් අර තැඹිලිගෙඩියට දෙහි අත්තෙන් පවන් ගසමින් මතුර ගන්නකෝ. මෙන්න මන්ත්‍රය
‘ඕං කීකරු නොකීකරු දුටුකරු නොදුටුකරු ඇස්වහ කටවහ අපේ ගෙදර අද හිටන් නෑ…’
ඔන්න මන්ත්‍රය. මේකෙන් 108 පාරක් හොඳට මතුරගන්න තැඹිලි වතුර ටික ගේ පුරාම ඉසින්න. ගෙයි තියෙන හැම ඇස්වහක් කටවහක්ම මේකෙන් ඉවර වෙනවා. දැන් ආයෙත් මන්ත්‍රය දිහා බලන්නකෝ. ඒකෙ තියෙනවා නේද ‘අපේ ගෙදර’ කියල වචනයක්. ඔයාලට ඕනෑ වත්තේ. ඇස්වහ කටවහ දුරු කර ගන්න කියලා හිතන්නකෝ. ඒ වචනෙ අතහැරලා එතැනට ‘වත්තේ’ කියන වචනය දාල ඒ විදියටම මතුරන්න. ඊළඟට ඔයාලට ඕනෑ ගෙදර කෙනකුගේ ඇස්වහ කටවහ නැති කරගන්න නම් ඒ කෙනාගේ නම එතැනට දාන්න. දාලා මතුරන්න.


මේ වතුර බොන්න එපා කට සෝදන්න. ඇඟට ඉහින්න. ඉතාම හොඳයි. මේ ක්‍රමය අපි දහස්වර අත්දුටු දෙයක්. හැබැයි මම එක දෙයක් ඉතාම ආදරයෙන් ඉල්ලනවා. මේ ගුප්ත ක්‍රමය මම දුන්නේ නොමිලේ. ඒ නිසා මේක මුදල් හම්බු කරන්න යමෙක් කරනවා නම් එයාට මේක අවසත්ත වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. අනිත් හැම දෙයටම මේක සත්ත වෙන්නැයි ප්‍රාර්ථනා කරනවා. මේ ක්‍රමය හරියටම හරි ක්‍රමය. ගස් කොළන්වලට පවා ඇස්වහ කටවහ වදිනවානේ. සමහර ගෙඩි කුණුවෙලා යනවා. අකාලයේ හැලිලා යනවා. එතකොටත් මේක මතුරලා ඉහින්න පුළුවන්. ඉතින් මේ විදියට කළාම ගෙදර තියෙන ඇස්වහ කටවහ සම්පූර්ණයෙන්ම දුරු කරගන්න අපට පුළුවන් වෙනවා.
සමහර වෙලාවට මෙහෙම කළත් බැරි වෙන වෙලාවල් එන්න පුළුවන්. එතකොට නම් හිතන්න ඕනෑ මේක නම් ඇස්වහ කටවහක් නෙවෙයි නේද කියලා. ඒත් එක පාරටම ඒක හූනියමක් කියලා නම් හිතන්න එපා. එහෙම වෙලාවකදි දෙහි ටිකක් කපාගෙනත් බලන්න ඕනෑ. නමුත් සමහර වෙලාවල්වල අපි දැකලා තියෙනවා මේ මොනම දෙයක් නිසාවත් දෙර තියෙන මූසල ගතිය, අඩදබර, දියුණුවක් නැතිකම දුරුවෙලා යන්නෙ නැති වෙලාවල්. ඇස්වහ කටවහ නැති කළත් ඔයාලගෙ ගෙවල්වල වාස්තු දෝෂ තියෙනවා නම් ඒක සමහර විට ඊට හේතුවක් වෙන්න බැරි නෑ. ඒ නිසා ගෙදර ප්‍රශ්නයක් තිබුණයි කියලා ඒක හූනියමක් විදියටම හිතන්න එපා. වාස්තුවක් බලලා ඒකෙන් දෝෂ ඉවත් කළත් තවමත් තියෙන්නෙ මේ තත්ත්වෙම නම් එතැනදි නම් ටිකක් හිතන්න ඕනෑ.

අපේ සමහර අය ඉන්නවා ගුප්ත දේවල් ගැන කිසිම විශ්වාසයක් නැති නිසා තමන්ගේ ජීවිත නිකම්ම විනාශ වෙන්න ඉඩදීලා ඔහේ බලාගෙන ඉන්නවා. තවත් සමහරු ඉන්නවා හැමදේකටම හූනියම් කිය කියා බොරුවට නාස්ති වෙලා යනවා. බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලනෙ. එහෙම නැතුව කිසිම දෙයක් ගැන අන්තගාමී වෙන්න එපා කියලයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා සමහර දේවල් ගැන කිසිම විශ්වාසයක් නැතිව ඇහැට නොපෙනෙන දේවල් නොපෙනෙන නිසා නොපිළිගෙන ඒ නිසා ජීවිතය විනාශ වෙලා යන අයත් අද කාලේ ගොඩක් ඉන්නවා.
මේ විදියට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා නම් අපට ඇත්තටම වරදින්නේ නෑ. ඒ නිසා ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන වැඩ කරන්න නිතරම උත්සාහ ගන්න. යථාර්ථයට මුහුණදෙන්න. තමන්ගේ ගෙදර කියන්නේ තමන්ගේ නිවන කියලනේ අපි හිතන්නේ. ඒ උතුම් තැන රැකගන්න නිතරම උත්සාහ කරන්න. මධ්‍යස්ථ වෙන්න. එතකොට කවදාකවත්ම ඔයාලට වරදින එකක් නෑ.

No comments