Header Ads

විටමින් E මගින් සමට හා හිසකෙස් වලට ලබා ගත හැකි ප්‍රයෝජන

අද අපි කතා කරන්න යන්නේ විටමින් E  මගින්  මිනිස් සෞඛ්‍ය හා  සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීම සිදු කරන්නේ කොහොමද කියලා. බලවත් ඔක්සිහාරකයක් වන විටමින් E  , ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම රුධිර සංසරණය නියාමනය , රුධිරයේ සීනි පාලනය සහ සමහර පිළිකා වලට එරෙහිව ආරක්ෂාව සැපයීම මගින් මිනිස් සෞඛ්‍ය ආරක්ෂා කරනවා. මෙම සෞඛ්‍ය වාසි වලට අමතරව විටමින් E මගින් මිනිස් සමට සහ හිසකෙස් වලටද බොහෝ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.
මෙම හේතුව නිසාම තමයි වෙළදපොලේ ඇති රුව වඩවන බොහෝ වාණිජ නිෂ්පාධන වල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස විටමින් E අන්තර්ගත වෙන්නේ. නමුත් එවැනි නිෂ්පාධන සදහා වෙලදපොලේ  ඉහල මිලක් අය කරනවා. ඇත්තෙන්ම අපි එවැනි ඉහළ මිලක් ගෙවා එම නිෂ්පාධන මිලදී ගත යුතු නෑ. පහසු මිලකට ෆාමසියකින් සපයා ගත හැකි විටමින් E තෙල් හෝ කරල් මගින් ගෙදරදී රූපලාවන්‍ය සත්කාර සිදු කර ගන්නා ආකාරය පිළිබද අද විශ්ම ලෝකයෙන් අප ඔබට කියා දෙන්නම්.
01. හිසකෙස් වර්ධනය කර ගැනීමට
රත් කරගත් ඔලිව් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 2කට විටමින් E කරල් 2ක් එක්කර එය ඔබේ හිස්කබලේ ආලේප කර ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදාහරින්න. මෙය සතියට දෙතුන් වරක් සිදු කරන්න.
02. කැළැල් මැකීමට
විටමින් E කරලේ ඇති තෙල් කැළැල් ඇති ස්ථානයෙහි ආලේප කර විනාඩි 5ක් පමණ මසාජ් කරන්න. එය විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදාහරින්න. නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දවසට 2ක බැගින් මෙය සිදුකරන්න.
03. රැලි වැටීම් අවම කර ගැනීමට
රාත්‍රී නින්දට යාමට පෙර විටමින් E කරලේ ඇති තෙල් රැලි වැටි ඇති තැන ආලේප කරන්න. පසුදින උදෑසන උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
04. අවපැහ වීම් දුරු කර ගැනීමට
රාත්‍රී නින්දට යාමට පෙර එඬරු තෙල් තේ හැඳි 1ක් සමග විටමින් E කරල් 2ක් මිශ්‍ර කර අවපැහ වී ඇති ස්ථාන වල ආලේප කරන්න. පසුදින උදෑසන සෝදාහරින්න.
05. රළු හා වියළි දෑත් මෘදු කර ගැනීමට
මඳ උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් ගෙඩියක යුෂ, මී පැණි ස්වල්පයක් සහ විටමින් E කරල් 2ක තෙල් එක්කර මිශ්‍ර කරගන්න. පසුව එයට දෑත් දමා විනාඩි 10-15ක් පොඟවගෙන සිටින්න.
06. ස්ට්‍රෙච් මාක්ස් (ඇදීම් සලකුණු ) ඉවත් කර ගැනීමට
ලෙමන් ගෙඩියක යුෂ වෙන් කරගෙන එයට විටමින් E කරල් 4ක පමණ තෙල් එක්කරගෙන හොඳින් මිශ්‍ර කර ස්ට්‍රෙච් මාක්ස් ඇති තැන් වල ආලේප කර විනාඩි 5-10ක් මසාජ් කරන්න. පසුව විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න.
07. තොල් පැලීම් සුව කර ගැනීමට
විටමින් E කරලේ ඇති තෙල් දිනපතා පැලුණු තොල් වල ආලේප කරන්න. මෙයින් තොල් වලට තෙතමනය ලබාදී වියලි බව දුරු කර තොල් පැලීම සුව කරයි.
08. පැලුණු හිසකෙස් අග්‍රයන් සුවපත් කර ගැනීමට
විටමින් E, ඔලිව් තෙල් සහ පොල්තෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කරගන්න. ඉන්පසු එය හිසකෙස් අග ආලේප කර පැය 2-3ක් තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදාහරින්න.

No comments