Header Ads

දින 3ක් ඇතුළත සියලූ විෂ නසා ශරීරයේ මේදය ඉවත් කර පිළිකා වලකන ප්‍රතිකාර ක්‍රමයක්


තෙල් සහිත ආහාර ක්‍රමයන්  අපගේ සෞඛ්‍යයට බොහෝ ආකාරයට අහිතකර වන නමුත් එ්වායින් වැළකී සිටීම පහසු නොවේ. සෑම තැනකම මෙම ආහාර දක්නට ලැබෙනවා. අපගේ දින 3 ක  පිරිසිදුකාරක ප්‍රතිකාර ක්‍රමය මඟින් ආහාර රටාවන් යහපත් ලෙස වෙනස් කරන අතර ඔබව තරබාරු කරවන සියලූ දේවල් වලින් නිදහස් කරයි. සම්පුර්ණ ලිපිය කියවන්න.

පිරිසිදුකාරක ක‍්‍රමය ආරම්භ කිරීමට පෙර දිනපතා ගන්නා ආහාර අනුභව නොකරන්න. මෙම ආහාර සකස් කර ගැනීමට ඔබේ ශරීරය වැඩි කාලයක් හා ශ‍්‍රමයක් දැරිය යුතු අතර එය ඔබේ පිරිසිදුකරණයට බලපායි.

ඔබේ පිරිසිදුකරණ ප‍්‍රතිකාරයට පෙර රාත‍්‍රියට විරේචන ඖෂධ සහිත තේකෝප්පයක් පානය කරන්න. බ්ලැක් ෆොරස්ට් තේ පානය කදිම විකල්පයකි. මෙය අන්ත‍්‍රවල විෂබීජ ඉවත්කර මලබද්ධය වළක්වයි. මෙම පිරිසිදුකරණ ක‍්‍රියා පිළිවෙත ඔබේ පෙණහලූවල අවහිරතා වලින් නිදහස් කර තබාගන්න.

උදෑසන කාබනික ලෙමන් ගෙඩි 2 ක යුෂ වතුර කෝප්ප භාගයකට එක්කර උදෑසන ආහාරයට පෙර මෙම පැඟිරි පානය පානය කරන්න. ඔබේ පෙණහලූ වලට අත්‍යවශ්‍ය කෂාරමය ආහාර ජීරණය වැඩි කරයි.

උදෑසන ආහාර සමඟ නැවුම් මිදි යුෂ පානයක් පානය කරන්න. ඔබ මිදි වලට එතරම් ප‍්‍රිය නොමැති නම් එය වෙනුවට අන්නාසි යුෂ පානයක් භාවිතා කරන්න. මිදි හා අන්නාසි ශ්වසන පද්ධතිය ආරක්ෂා කරන ප‍්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු පළතුරු වර්ග වේ.




කැරට් යුෂ තේකෝප්ප 1 1/2 ක් පානය කරන්න. කැරට් රුධිරය කෂාර කරන අතර විෂබීජහරණ ක‍්‍රියාදාමයේ අත්‍යවශ්‍ය කාර්යක් සිදු කරයි. මූල පද්ධතියේ හට ගන්නා එළවලූ වල බෙටාකැරොටීන් අඩංගු නිසා ශ්වසන පද්ධතියට වැදගත් වේ. මිනිස් ශරීරය තුළදී බෙටාකැරොටීන් විටමින් ් බවට පත් කරයි.

සැල්දරි, පාර්ස්ල , මුහුදු ශාක, නිවිති යුෂ තේකෝප්ප 1 1/2 ක් දවල් ආහාරය සමඟ පානය කරන්න. දියරයක් ලෙස ගත් කළ පොටෑසියම් කදිම පිරිසිදුකාරකයකි. ඔබ එය හොඳයි යැයි සිතනවානම් නෝනි යුෂ තේකෝප්ප 1 1/2 ක් පානය කරන්න. නෝනි යුෂ ඕනෑම වෙළඳසැලක දක්නට ලැබේ.

ශ්ලේෂ්මල ඉවත් කිරීම සඳහා ටීට් යුෂ පානය කරන්න. රාත‍්‍රී ආහාරයට පැයකට පෙර teat පානය කරන්න. මෙයට ඉඟුරු, පෙපර්මින්ට්, රෝස්හිප් මිශ‍්‍ර කරන්න. මෙය නාස්පුඩුවල අවහිරතාවය ඇති කරන ශ්ලේෂ්මල ඉවත් කිරීමට උදව් වේ. මෙම තේ මිශ‍්‍රණය සුපර්මාකට් වල සහ සෞඛ්‍යමත් ආහාර වෙළඳසැල්වල දක්නට ලැබේ.

නින්දට යාමට පෙර cranberry යුෂ 340 ml ක් පානය කරන්න. (දං ගෙඩි වැනි ගෙඩි වර්ගයක්) බොහෝ ආසාදන සඳහා තුඩු දෙන පෙණහලූවල ඇති බැක්ටීරියාවන් මෙයින් විනාශ කරයි. මෙම බෙරි ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක වන අතර මුත‍්‍රා ගැටලූ සඳහාද උපකාරී වේ.

දින 2 ක් මෙම පිරිසිදුකාරක  ප‍්‍රතිකාර ක‍්‍රමය කරන්න. අපූරු වෙනස්කම් රැසක් ශරීරයේ සිදු වන්නට පයන් ගෙන බව ඔබටම වැටහේවී… ඔබේ ශරීරය විෂබීජ, මේදය, අනවශ්‍ය ජලය නිදහස් කර පෙණහලූවල කර්තව්‍යයන් නිසි ලෙස සිදු වීමට උපකාර කරයි. දැන් ඔබේ නැවුම් ශරීරය සමඟ විනෝදවන්න.


No comments