Header Ads

මෙම තෙල් වර්ගය මගින් සම පැහැපත් කර ගත හැකියි

ඔබත් අධික මිල ගණන් වලට වෙලදපොලේ ඇති රුපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්නවද? එහෙත් බලාපොරොත්තු වන සමේ පැහැපත් බව හෝ නිරෝගී කෙස් කළඹක් තවමත් ලැබී නැතිද? අද අපි බලමු 100% ස්වාභාවික එඬරු තෙල් වලින් මේ දේවල් ඉක්මනින් ලබාගන්නේ කොහොමද කියල. මදක් මිලෙන් වැඩි වුවද, (අනෙකුත් නිෂ්පාදන තරම් මිල වැඩි නොවේ) එඬරු තෙල් වල  ප්‍රතිඵල හා සැසඳීමේදී මේක වඩාත් ලාබදායි වෙනවා.
එඬරු තෙල් නිපදවන්නේ එඬරු ඇට වලින්. එඬරු තෙල් වල රුපලාවන්‍ය භාවිත අතීතයේ ක්ලියෝපැට්‍රා යුගය දක්වා දිව යනවා. එඬරු තෙල් වලට ද්‍රව රත්‍රන් කියලද ආයුර්වේදයේ හදුන්වනවා. ප්‍රමුඛ පෙලේ රුපලාවන්‍ය නිෂ්පාදන සියල්ලගේම පාහේ එඬරු තෙල් අඩංගු වෙනවා.

සම පැහැපත් කර ගැනීමට

ඔබත් කුරුලෑ වලින් පීඩා විඳිනවද? එඬරු තෙල් වල අඩංගු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් කැඩුණු බිඳුණු සෛල යථා තත්වයටපත් කරන අතර, කුරුලෑ නිසා සමේ ඇතිවන ආසාදන තත්වයන්ද මේ මගින් පාලනය කරනවා. තවද මෙහි තෙල් ගතිය නිසා මුහුණේ සමට අවශ්‍ය තෙතමනයද රැක දෙනවා. අපි බලමු එඬරු තෙල් භාවිතයෙන් කුරුලෑ තත්වය පාලනය කරගන්නේ කොහොමද කියලා.
1. සමේ කුරුලෑ ඇති තැන් වල එඬරු තෙල් ස්වල්පයක් අලේප කරන්න. විනාඩි 30ක් තිබෙන්නට හරින්න. මින්පසු හොදින් සෝදා පිසදමන්න. දිනකට දෙවරක් මෙම ප්‍රතිකාරය කරන්න.
2. එඬරු තෙල් සහ තේ කොළ වියලා ලබා ගන්න තෙල් එක සමාන ප්‍රමාණයන් ගෙන එකට මිශ්‍ර කරන්න. ආසාදිත ප්‍රදේශ වල අලේප කරන්න. විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. මෙයත් දවසකට දෙවරක් කිරීමෙන් වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා.

හිසකෙස් නිරෝගී කර ගැනීමට

එඬරු තෙල්  මගින් හිසකෙස් අකලට පැසීම මෙන්ම හිසකෙස් ගැලවී යාමද පාලනය කරනවා. තවද හිසකෙස් වැඩීමේ වේගයද වැඩි වෙනවා.  හිසකෙස් වලට අත්‍යවශ්‍ය විටමින් E සහ අත්‍යවශ්‍ය මේද අම්ල රැසක් එඬරු තෙල් වල අන්තර්ගතයි. මේ මගින් හිසකෙස් මුලට පෝෂණය සපයන අතර ඉස්හොරි පාලනයද සිදු වෙනවා.
නින්දට යාමට පෙර එඬරු තෙල් ස්වල්පයක් අතට ගෙන හිසේ මුල අලේප කරන්න.
වෘත්තාකාර චලනයක ඇඟිලි තුඩු යවමින් හොදින් සම්භාහනය කරන්න.
රැය පුරා තිබෙන්නට හැර උදයේ ෂැම්පු යොදා සෝදා හරින්න.
සතියකට දෙවතාවක් හෝ තෙවතාවක් සිදු කරන්න.
එහෙනම් යාලුවනේ එඩරු තෙල් මගින් සිදු කර ගන්නා මේ සත්කාර උත්සහ කර බලලා ප්‍රතිපල අපිටත් කියන්නකෝ.  තවත් මේ වගේ ප්‍රයෝජනවත් ලිපියකින් නැවත හමුවෙමු. 

No comments