Header Ads

ඉක්මණින් සුදු වෙන්න ලොව සාර්ථකම හා බලගතුම ෆෙෂල් එකක්

පහලින් අපව subscriber කරන්න යාලුවනේ

අපේ පෙනුම අවලස්සන වීමට බලපාන හේතු බොහොමයක් ඇති වන්නේ අපේ හමේ තියෙන දුර්වලතා නිසා. හෝර්මෝන වෙනස් කම් නිසා හරි ආතතිය නිසා හරි ජීවිතේ කොයි මොහොතකදී හෝ අපි හැමෝම ඇක්නි වලින් පීඩා විඳලා තියනවා, එහෙම නේද? හමේ පැහැය අඳුරු පැහැ ගැන්වීම, ඇස් යට කළු පාට වෙලා මුළු මූණම අවලස්සන වෙන හැටි මතක් කරන්නවත් අපි කිසිම කෙනෙක් කැමති නැහැ. මොකක් හරි දෙයක් වෙලා මූණේ පෙනුමත් එක්කම වෙනස් වෙලා ගියාම අපිට අපි ගැනම දැනෙන හිරිකිතය මොන තරම්ද කියනව නම් මොනම දෙයක් හරි කරලා අපේ මුහුණ කලින් තිබ්බ තත්වයට ගන්න අපි නොකරන දෙයක් නෑ.
මෙම ලිපිය මගින් අපි ඔබව දැනුවත් කරන්නේ ඉතාම පහසුවෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වාභාවික ෆෙෂල් මාස්ක් එකක් ගැන. මේ මාස්ක් එක හදිසියේ ඇති වන ඇක්නි තත්වයන් වලදී ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වෙලා ඔබේ තිබුණු පෙනුම යලි ලබා දෙන්නට සමත්. ඇත්තටම තිබුණු පෙනුමටත් වඩා ලස්සන ස්වාභාවික දීප්තියක් ඔබේ මුහුණට ලබා ගන්න පුළුවන් මෙම පහසු සත්කාරයෙන්.ඉන්දියාවේ ඉහල කුල වල තරුණියන් විවාහ උත්සවයට සහභාගී වෙන්න කලින් සිදු කරන චාරිත්‍රානුකූල ස්නානයේදී ගලවන පාරම්පරික මාස්ක් එකක් හදා ගන්න විදිහ තමයි පහතින් දැක්වෙන්නේ.
අවශ්‍ය දෑ
කඩල පිටි. (අලුතෙන්ම කුඩු කර ගත්)

අලුත් කිරි
කහ කුඩු
ආමන්ඩ් තෙල්
පිරිසිදු භාජනයක් සහ හැන්දක්

සාදා ගන්නා ආකාරය
අලුතෙන් කුඩු කර ගත් කඩල පිටි වලින් හැඳි දෙකක් ගෙන භාජනයට දමන්න. කහ කුඩු හැඳි බාගයක් එයටම එකතු කර ගන්න. මෙයට ආමන්ඩ් තෙල් වලින් හැන්දක් දමා විනාඩි කිහිපයක් හොඳින් කවලම් කර ගන්න. මනා ලෙස කවලම් වූ පසු එයට අලුත් කිරි හැන්දක් එකතු කරන්න. කිරි සියල්ලම මිශ්‍රණයට හොඳින් උරා ගෙන තලපයක් බවට පත් වන තුරු මිශ්‍ර කර ගන්න. නියම පදමට මිශ්‍ර වූ පසු මෙය ඇලෙන සුළු පාප්පයක් වගේ පෙනේවි.
භාවිතයට ගන්නා ආකාරය
සබන් යොදා ඔබේ මුහුණ ඉතා හොඳින් සෝදා කුණු දූවිලි ආදිය ඉවත් කර ගන්න. මේ සඳහා ෆෙස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරත් කමක් නෑ.  මුහුණ පුරාවට තුනී තට්ටුවක් වගේ තැවරෙන විදිහට සාදා ගත් ෆෙස් මාස්ක් එක හොඳින් ආලේප කර ගන්න. ගොඩාක් ඝනකමට හෝ තුනී වෙන්න ආලේප කරන්න එපා. මේ ප්‍රමාණය දක්වා ඇත්තේ එක මුහුණක් සඳහා නිසා මුළු ප්‍රමාණයම මුහුණ පුරා ඒකාකාරී විදිහට ආලේප කරා නම් හරි.
හොඳ ස්වාභාවික වාතාශ්‍රයක් තියෙන තැනක මුහුණ වැඩිපුර සොලවන්නේ එහෙම නැතිව විනාඩි 20ක් පමණ සිටින්න. මෙහිදී A/ක‍ දාපු නැති තැනක ඉන්න පුලුවන් නම් හොඳයි. එළිමහනේ හෙවන ඇති තැනක් තමයි වඩා සුදුසු. දාඩිය දාන උණුසුම් වෙලාව මග ඇරලා කරන්න පුලුවන්නම් වඩා හොඳයි.
ඇස් වලට හෝ නාස් පුඩු වලට යන එක වළක්වා ගන්නට පරිස්සම් වන්න. ඇස් වලට, නහයට එහෙම ගියොත් දන්නට පටන් ගන්න නිසා මුහුණ හෝදන්න සිදු වේවි. එතකොට ඉතින් ෆෙස් මාස්ක් එක ආපහු මුල ඉඳන් හදලා තමයි අයෙත් දාගන්න වෙන්නේ. ඊට වඩා පරිස්සම හොඳයි. විනාඩි 5ක් විතර යනකොට මිශ්‍රණය ගල් වෙනවා දැනේවි. ඊට පස්සේ විනාඩි 20 යනකම් මූණේ මස් සොලවන්න, විශේෂයෙන්ම කතා කරන්න යන එක නවත්වන්න. මේක මුහුණට හොඳින් ස්පර්ශ වෙලා තිබුනේ නැත්නම්, කතා කරන්න ගිහින් තට්ටුව පිටින් ගැලවුනොත් වැඩක් නැහැ. විනාඩි 20 ගියාට පසු ලා උණුසුම් වතුරෙන් මුණ සෝදා ගන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මේ ප්‍රතිකාරයත් කරන්න.
පිරිසිදු එළකිරි කෝප්පයක් කහ කුඩු ස්වල්පයක් හොඳින් මිශ්‍ර කර පානය කරන්න. මෙය ඉතා රසවත් නැති වුනත් සැබවින්ම ඔබේ සමට ඉතා ගුණදායකයි.
සැ.යු – ඔබ ගර්භණි මවක් නම් මෙම ප්‍රතිකාරය වගේම වෙනත් ඕනෑම රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් කරන්න කලින් පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අර ගෙන ඉන්න අමතක කරන්න එපා.
වැදගත්
කහ කුඩු වල ඇති ප්‍රධාන රසායනිකය ර්‍ණකර්කමින්” වන අතර මෙය ඉතා වැදගත් ප්‍රති ඔක්සිකාරක ගුණ දරන සංයෝගයක්. කහ කුඩු වල ඇති පෝෂක ගුණ බොහොමයි. සතියකට දෙවරක් කහ කුඩු භාවිතයෙන් ඔබට හමේ රැලි වැටීම වළක්වා ගන්න පුළුවන්. ඇස් වටා ඇති අඳුරු ගතිය ඉවත් කර ගන්න පුළුවන්. ඇක්නි ඇති වීම සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්.
මේ ආටිකල් එක ශෙයා කරලා ඔබේ යහලුවන්ටත් මෙම විශ්මිත සත්කාරය ලබා ගන්නට ඉඩ සලස්වන්න. ඔබට ජය

No comments