මිනිත්තු 4න් විශ්මිත ලෙස දත් සුදුකරගමු
ආහාර පිසීම සඳහා භාවිතා කරන කුළුබඩු විශේෂයක් වන කහ වල ඉහල ඖෂධමය වටිනාකමක් ඇති බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කහ වලට පිළිකා සයිල විනාශ කිරීමේ හැකියාවක් ඇති අතර දත් සුදු කිරීමේ සුවිශේෂී හැකියාවක්ද තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
කසට ස්වභාවයට අමතරව මතුපිටක ඇති අපවිත්‍ර සහ පැල්ලම් ඉවත් කිරීමේ රළු ස්වභාවයක්ද එහි අන්තර්ගතව තිබෙනවා. එම නිසා කහ භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම ලෙස දත් සුදුකරගන්නට පුළුවන්.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
- කහකුඩු කොටස් 2
- පොල්තෙල් කොටස් 1
බේකින් සෝඩා කොටස් 1 (මෙය නොමැතිව උනත් දන්තාලේපය සකසා ගන්නට පුළුවන්)
මේ සියලූම ද්‍රව්‍ය එකට මිශ්රකරගෙන ශීතකරණයේ තැන්පත් කර තබන්න. ඉන් පසුව ඉන් ස්වල්පයක් දත් බුරුසුවකට ගෙන සුපුරුදු පරිදි දත් මැද කසට ගතිය ඉවත් වෙන ලෙස හොඳින් ජලයෙන් සෝදන්න.
කහ වලින් ඇත්තටම දත් සුදු වෙනවද?
බේකින් සෝඩා සීරීමට යොදන ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්.එම නිසා බේකින් සෝඩා භාවිතා කරනවිට දත් මතුපිට ඇති පැල්ලම් ඉවත්වී දත් වඩාත් සුදුවෙනවා. සිදු කරන ලද අත්හදා බැලීම් වලදී කහ වලටද මෙවැනිම හැකියාවක් ඇති බව පෙනීගොස් තිබෙනවා.
කහ වල දීප්තිමත් කහ වර්ණයක් ඇති නිසා සම මත වගේම රෙදි වලද ගැල්වුනොත් පැල්ලම් ඇතිවෙන්නට පුළුවන්. එම නිසා ඔබේ දත් බුරුසුවද කහ පැහැයට හැරෙන්න පුළුවන් බව හොඳින් මතක තබාගන්න. දත් මතද කහ වර්ණය තැන්පත් වෙන නිසා ජලය භාවිතා කරමින් දත් හොඳින් සේදිය යුතුයි.
අවවාදයයි
මෙම දත්බෙහෙත් එක ඉඳ හිට භාවිතා කරාට වරදක් නැහැ. නමුත් දිනපතා නම් භාවිතා කරන්න එපා. මොකද කහ වල සහ බේකින් සෝඩා වල ඇති රළු ස්වභාවය නිසා ඔබේ විදුරුමසට හානි වෙන්නට පුළුවන්.
Post a Comment