Header Ads

ආහාර ගැනීමෙන් පසු ඔබ කිසි විටෙකත් නොකළ යුතු දේවල්





ආහාර ගැනීමෙන් පසු අප නොකළ යුතු දේ රැසක් තියෙනවා. ඒවා කිරීමෙන් ඔබට හානියක් සිද්ධ වෙනවා. එසේ නොකළයුත්තක් සිදු කිරීමෙන් සිදුවන්නේ මොනවාද? ඒ ගැන පැහැදිලි කිරීමකුත් එක්කම මේ ආහාර ගැනීමෙන් පසු නොකළ යුතු දේවල් අප කියා දෙන්නෙ මෙයින් ඔබත් නොදැනම එක් වරදක් හෝ කිහිපයක් අප හැමෝම සිදු කරන බවට අප විශ්වාස කරන නිසයි.


ආහාර ගැනීමෙන් පසු සිගරට් බොන එක භයානක වරදක්
මේක හරියට සිගරට් දහයක් එකවර බිව්ව හා සමානයි. එපමණ සෞඛ්‍ය අවදානමක් සිරුරට ඇති වෙනවා. ආහාර පරිවෘත්තීය අතරේ සිගරට්ටුවක් පානය කිරීම නිසා මේ වැඩිපුර අවදානම ඇති වෙනවා.

ආහාරයක් ගත් විගසම පලතුරු අනුභවයත් හොඳ නෑ
මේක නම් අප කවුරුත් කරන වැඩක්. ඒත් පෝෂණ විද්‍යාත්මකව හරි දෙයක් නොවෙයි. බර ආහාරයක් ගැනීමෙන් පසු පලතුරක් ගැනීමෙන් ආමාශයේ වාතය පිරෙනවා. එය ආහාර ජීර්ණක ක්‍රියාකාරිත්වයට බාධාවක්.

ආහාරයක් ගත් විගස තේ බොන්න එපා
තේ වල විශාල වශයෙන් ආම්ලිකතාවයක් තිඛෙනවා. මේ ආම්ලික ද්‍රව්‍ය ආහාරයේ ඇති ප්‍රෝටීන සමග ඇතිවන අන්තර් ක්‍රියාවෙන් ආහාර ජීර්ණයට බලවත් බාධා එල්ල වෙනවා.

ඔබ පැළඳ සිටින බඳ පටිය ලිහිල් කරන්නත් එපා
මේක එතරම් වැදගත් නැති ක්‍රියාවක් කියල හිතෙන්නත් පුළුවන්. ඒත් කාල ටිකක් උදරයට අපහසුවක් දැණුනහම එහෙම සමහරුන් ඉණේ බඳ පටිය බුරුල් කරගන්නවා. ඒකෙන් අන්ත්‍ර ඇදීයාමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵළයක් විදිහට ජීර්ණය යම්කිසි පසුබෑමකට ලක් වෙන්න පුළුවන්.
සමහර විට අපි නොවැදගත් යයි හිතන ඇතැම් දේවල් පවා ශරීර සෞඛ්‍යයට බලපාන ආකාරය හරි පුදුමයි නේද?

ආහාර ගත්තට පස්සෙ නාන්නත් හොඳ නෑ
නෑමේදී ඔබේ අත් පා වලට පර්යන්ත අවයව වලට වන රුධිර සැපයුම වැඩි වෙනවා. මෙහිදී ආමාශය අවට රුධිර සැපයුම අඩු වන්නට පුළුවන්. මෙය ජීර්ණයට අහිතකර ලෙස බලපානවා. ජීර්ණය අධෛර්ය කරනවා.

ආහාර ගත්තට පස්සෙ සක්මනේ යෙදීමත් හොඳ නෑ
සමහරු ආහාර ගත්තට පස්සෙ ඔබ මොබ ඇවිදින්න උත්සුක වෙනවා. ඇයි? ආහාර දිරවන්න, ඔබ එහෙම හිතුවට මේ පුරුද්ද නිසා වෙන්නෙ ඒකෙ විරුද්ධ දේ. ආහාර ගත් විගස ඇවිදීම ආහාර නියමිත පරිදි අවශෝෂණයට බාධාවක්. මේ නිසා ආහාර ගත් විගස ඇවිදින්නෙ නැතිව ඉන්න එක තමයි වඩා සුදුසු.

ආහාර ගන්නට පෙර වතුර ගොඩක් බොන්නත් එපා
මේ නිසා ජීර්ණක එන්සයිම තනූක වීමක් සිදු වෙනවා. එවිට එය නිසියාකාරව ජීර්ණය වීමට බාධා ගෙන එනවා. මේ නිසා ආහාර ජීර්ණය නිසියාකාරව සිදු කිරීමට බාධාවක් ඇති වෙනවා. මේ නිසා ආහාර ගැනීමට පෙර වතුර බීමත් සුදුසු නෑ.



No comments